අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්කුඩු බෙදාහැරි මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 97 යි මිලිග්‍රෑම් 200 ක්ද සොයා ගත්තා.
අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ වැටලීමක් සිදු කෙරුණා.
එහිදී මෙම අඹුසැමි යුවල අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබි ජංගම දුරකතන දෙකක් සහ මත්ද්‍රව්‍ය ඇසීරිමට යොදාගන්නා කවර තොගයක්ද පොලිසිය සොයාගත්තා.
මෙම යුවළ අනුරාධපුර තුරුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.