
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 123, මිලි ග්‍රෑම් 500ක් තිබූ බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 32 හැවිරිදි කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.














