පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 දෙනෙක් සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය සදහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 ක්, පොලිස් අධිකාරීවරුන් 04 ක් සහකාර පොලිස් අධිකාරීවරුන් 25 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.
ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.