මහා පරිමාණ මුදල් වංචාවන් සිදුකර ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඊයේ(03) පස්වරුවේ මෙම සැකකරුවන් තිදෙනා ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර එවීමෙන් පසුව කටුනායක ගුවන් ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙලගේ අසිත සාගර ගුණතිලක, සිල්පත්චාරිගේ සුමිත් රෝලන් ප්‍රනාන්දු සහ සෙල්වරාජ් කබිලන් නමැති කොච්චිකඩේ සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල පදිංචි සිටි සැකකරුවන් තිදෙනෙකි.
අදාළ සැකකරුවන්ට එල්ල වී චෝදනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වේ.