සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා.
මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ.
සුනඛ වන්ද්‍යාකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාවට නැංවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, එය විධිමත්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය ප්‍රකාශ කළේ.













