සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ ඉන්දියාවේ විශාකාපට්ටනම්හිදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගැනීමත් සමගින් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන්නා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබාගැනීමට සමත් වූවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 39ක් ලබාගැනීමට සමත් වූ අතර හර්ෂිතා සමරවික්‍රමට ලබාගත හැකි වූයේ ලකුණු 21ක් පමණයි.
නායිකා චමරි අතපත්තුට ලබාගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.
හසිනි පෙරේරා ලකුණු 20ක් ලබාගැනීමට සමත් වූවා.
නිලක්ෂිකා සිල්වා ලකුණු අටකටත් කවිෂා දිල්හාරී ලකුණු හයකටත් දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දුන් කෞෂානි නුත්‍යන්ගනා ලකුණු 9ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රාන්ටි ග්‍රවුඩ් එක් කඩුල්ලක්ද දිප්ටි ශර්මා එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.
එසේම ශ්‍රීචරනි එක් කඩුල්ලක් දවා ගනු ලැබුවා.
තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 122 ක් ලබාගත යුතු වනවා.













