හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 හෙට කොළඹ “ගෝල්ෆෙස්” හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
“කැළඹිලි වලට මුහුණ දීම: පරිවර්තනය සඳහා එක්වීම” යන්න මෙම සමුළුවේ තේමාවයි.
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු ප්‍රතිකාර පද්ධතිය ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීම, රෝගීන්ට, ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දීම, හවුල්කරුවන් සමඟ වැඩ කිරීම සහ වර්තමාන විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වෙනවා.
අනතුරුවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරිම් අද වන විට ලොව පුරා දියුණුවට පත්ව තිබෙනවා.
මෙම සමුළුව තුළින් ලෝකයේ නවීනතම විශේෂඥ දැනුම මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සමඟ හුවමාරු කර ගැනීම, මෙරට හදිසි අනතුරු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම ලෝකයට ලබාදීමට ද හැකියාව ලැබෙනවා.
ඉහත කරුණු මුලික කර ගනිමින් මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට ද මෙම සමුළුව තුළින් හැකියාව ලැබෙනු ඇති.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













