නේපාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අද දිනයේද කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.
එසේම ඇයට සැඟවී සිටිමට ආධාර අනුබල ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයාද තොරතුරු වවසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබනවා.