කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Port City) තුළ නුදුරේ දී ම විවෘත කිරීමට නියමිත තීරු බදු රහිත (China Duty Free zone) ව්‍යාපාර ඇතුළත් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙය විවෘත කිරීමෙන් අනතුරුව ගුවන්තොටුපොළින් භාණ්ඩ මිල දී නොගන්නා ජනතාවට තමන්ගේ ගමන් බලපත්‍රයට අදාළව භාණ්ඩ මෙහි දී මිල දී ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙහි ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා ගිය රාජ්‍ය අමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාව නිරත වී පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කර කඩිනමින් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.