
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පැවැති තවත් නඩුවක් යළි කල් ගොස් තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ස සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජුලි මස 16 වන දින කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.
ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද(10) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.














