දේශීය ලොකු ලූණු වලට සාධාරණ මිලක් නොමැතිවරණ ගොවීන් මැසිවිලි නගද්දී රජරට කලාපයේ පාරම්පරික වට්ටක්කා වගා කරන ගොවීන් තම වට්ටක්කා වලට මිලක් සාධාරණ මිලක් ඉල්ලා හෝ වෙනත් රටකට හෝ අලවි කර දෙන්නැයි ඉල්ලා සිටිනවා.
ඇතැම් ගොවීන් සඳහන් කරන්නේ ලංකාවේ වට්ටක්කා මිලදී ගැනීමට නොහැකි නම් නිෂ්පාදන වීදේශ රටකට හෝ අලවිකිරීම සිදු නොකරන්නේ ඇයිද රජයෙන් විමසා සිටිනවා .
මේ වන විට වට්ටක්කා කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 20 සිට රුපියල් 50 දක්වා මිල ගණන් යටතේ පවතියි .
දුර බැහැර ප්‍රදේශවල සිට මේවා අලවී කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ඒම සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙනවා.
ඒ අනුවට්ටක්කා හේනේ සිට නිවෙස් වලට රැගෙන විත් ඒවා දින කිහිපයක් නිවසේ තබාගෙන නැවත කම්කරුවන් යොදාගෙන ගෝනි වලට පුරවා ලොරි රථවලින් දඹුල්ලට රැගෙන විත් දින ගණනාවක් දඹුල්ල ආර්ථිකම අධ්‍යස්ථාන වෙළඳ පළේ තබාගෙන සිට අඩු මුදලට ලබා දීමෙන් වට්ටක්කා වලට ගීය වියදම් මුදල හෝ උපයා ගැනීමට නොහැකි බව රජරට ප්‍රදේශවල වට්ටක්කා ගොවීහු කියති.
වට්ටක්කා වගාව පමණක් නොව රටේ කෘෂිකර්මාන්තයට ම වර්තමාන රජය කිසිදු ආකාරයකින් සහයෝගයක් නොදෙන බව රජරට ගොවීන් රජයට දැඩි ලෙස චෝදනා කරනවා.බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන රජරට ජනතාව වර්තමාන රජය බලයට පත් කළ බවත් ඉදිරියට ගොවියාගේ ඡන්දය වර්තමාන රජයට ලබා නොදෙන බවද වට්ටක්කා ගොවීන් දැඩිව ප්‍රකෂකලා.













