වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කලේ මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් කර ඇති බවයි.
නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයකට පැමිණ නොමැති අතර මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට අවස්තාව සලසා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
කොළඹ තරුණ හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පවතින තත්වය මත මොටර් රථ ආනයනයනය කළහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව ඇති බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ.
සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා..
උණුසුම් පුවත්
- සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශන
- මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- ටිකට් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
- සති තුනක් තුල මෙරටින් ඩෙංගු රෝගීන් 35,00 ක්
- ප්‍රධාන ජලාශ 73 න් 57 වාන් දමයි
- සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදීවාසීන්ට ද හිමි විය යුතු බවට අගමැතිනිය කියයි
- අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල පත්කිරීමට සීමා පැනවෙයි
- 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර