දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්‍යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
එමෙන්ම දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා,වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඒ මහතා පවසනවා .
වමනය, බඩඑළිය රෝග ලක්ෂණ තිබේ නම් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතයුතු බව ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියසිටීයා .
වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ දරුවන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේකය ලබා දීමට මවුපියන් කටයුතු කළ යුතු බවයි.