මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(23) දින අලුයම සිට ඝන මීදුම් තත්ත්වයක් පැවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ සහ අතුරු මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
එම මාර්ගවල රථ වාහන ධාවනයේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.