නඩු කටයුතු අවසන් වූ මත් පෙති තොගයක් අධිකරණ නියෝග මත විනාශ කර තිබෙනවා.
මෙලෙස විනාශ කර ඇත්තේ 2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු මත්පෙත් 15,000,000ක ප්‍රමාණයකි.
ඉන්සී සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පාලවිය පිහිටි උඳුනේදී විනාශ කිරීමට කටයුතු කල බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඊයේ(21) උදෑසන 7ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය භාරගෙන තිබෙනවා.
අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පුත්තලම පාලවිය පිහිටි Insee සිමෙන්ති සමාගම අයත් දහන උඳුන වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි පොලිසිය කියා සිටියේ.
මෙහිදී පුත්තලම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මත්පෙති තොගය දහනය කර විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම අවස්ථාවට රජයේ රස පරීක්ෂකවරයා, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ රේගු නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබෙනවා.