හැටන් දික්ඔය නගර සභාව මගින් කසළ වෙන්කර තබා ගැනීම සඳහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවිකර තිබූ කසළ බඳුන්වලට ඊයේ(27) රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් ගිනි තබා කසළ වෙන් නොකර එම කසළ බඳුන් අසල දමා ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පවසනවා.
විදිමත් ආකාරයෙන් කසළ වෙන්කර ලබාගැනීම සඳහා හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් දැනුවත් කර නගර සභාව මගින් කසළ බඳුන් සවිකළ බවත් එසේ සවිකළ කසළ බඳුන් විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හැටන් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ගිනි තබා තිබූ කසළ තොග නිවා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවන් කටයුතු කරනු ලැබුවා.














