දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගය නායයාමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස දෙකක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන දෙක අතර ගාල් තවදුරටත් ගාල් කර තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.07ට සුපුරුදු පරිදි මහනුවරින් නාවලපිටිය බලා අංක 1153 පාසල් දුම්රිය ලෙස ප්‍රචලිත දුම්රිය ගමන් ආරම්භ කළත් එයට ගමනාන්තය තෙක් මෙතෙක් ළඟාවීමට හැකියාව ලැබී නැහැ.
ගම්පොළ, තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උප දුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නායගොස් තිබෙනවා.
ගම්පොළ, තැඹිලිගල, වරකාපිටිය සිට උලපනේ දුම්රිය ස්ථානය දෙසට ගමන් ගත් දුම්රියෙහි රියදුරු මාර්ගයට වැටී තිබූ පස් කන්දක් නිසා ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම්දී තිබෙනවා.
ඉන් අනතුරුව නැවත ගම්පොළ දුම්රිය ස්ථානය වෙත දුම්රිය පසුපසට ධාවනය කිරීමට රියදුරුවරයා උත්සාහ කළද දුම්රිය ගමන් ගත් මාර්ගයේ ගම්පොළ වරකාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ නායයාම රියදුරාට දර්ශනය වීමෙන් ඔහු විසින් දුම්රිය උලපනේ සහ වරකාපිටිය දුම්රිය උපපොළ අතර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නතර කිරීමට සමත්ව තිබෙනවා.
මෙලෙස දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ එහි දුම්රිය රියදුරුගේ ස්ථානෝචිත ප්‍රඥානව නිසාවෙන් බව දුම්රිය නවතා ඇති උලපනේ වරකාපිටිය ගම්වාසීන් පවසනවා.
එසේම දුම්රිය මාර්ගයට හ ැනි වීම නිසා එකම පොදු ප්‍රවාහනය ලෙස දුම්රිය භාවිතා කළතමන් දෛනික ගමනාගමනය වෙනුවෙන් මහත් වෙහෙසක් හා මුදලක් දැරීමට සිදුවන බවත් එම නිසා හැකි ඉක්මනින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.
එම දුම්රියේ ගමන් ගත් දුම්රිය රියදුරන් සහ කාර්ය ම ණ්ඩලය දින තුනකට පසු නාවලපිටිය දුම්රිය ස්ථානයට පැමිණ තිබෙනවා.














