ඉඩම් ගැටලුවට නීත්‍යානුකූල විසඳුම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පවසනවා.
වතුකරයේ ජනතාවට වතු ඉඩම්වල අයිතිය ලබාදෙන ලෙස බලකරමින් වතුකරයේ සිවිල් ක්‍රියාකාරී සංවිධාන කිහිපයක් එක්ව සහ කඳුකර ජනතා ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය අද(21) දින හැටන් නගරයේ උද්ඝෝෂණයක නිරත විය.
අද (21) දිනට යෙදී ඇති ඉඩම් දිනයට නිමිත්තෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.
උද්ඝෝෂණයසංවිධානය කළ කඳුකර ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන කැඳවුම්කරු තංගවේල් ගනේෂලිංගම් මහතා කියා සිටියේ මෙරට තේ ආර්ථිකයට වසර 200ක කාලයක් විශාල දායකත්වයක් සපයන වතුකම්කරුවන්ට මෙතෙක් පැවැති කිසිදු රජයක් සින්නක්කර අයිතියට ඉඩම් කැබැල්ලක් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.
වතුකරයේ ජනතාවට නිවාස අවශ්‍ය නොවන බවත් දැනට තිබෙන මුඩු ඉඩම් වතු කම්කරුවන්ගේ අයිතියට ලබාදෙන්නෙ නම් එම ඉඩම්වල නිවාස ඉදිකර ගැනීමට වතු කම්කරුවන්ට හැකිව ඇති බවත් තංගවේල් ගනේෂලිංගම් මහතා පවසනවා.
වත්මන් රජය බලයට ගෙන ඒමට වතුකරයේ ජනතාව කැපවී කටයුතු කළ බවත් වත්මන් රජයේ ක්‍රියා කලාපය අනුව රජය කෙරෙහි තිබූ විශ්වාසය පළුදු වී යන බවද ගනේෂලිංගම් මහතා වැඩිදුරත් කියා සිටියා.
මෙම උද්ඝෝෂණය පැවැති ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙවැනි සටන් පාඨවලට තම රජය කැමති බවත්, වතුකරයේ ජනතාවගේ ඉඩම් ගැටලුව නීති්‍යානුකූලව විසඳීමට වත්මන් රජය මේ වන විට පියවර ගනිමින් සිටින බවත්ය.
මෙම උද්ඝෝෂණයට ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් කණපති කනගරාජ් මහතාද එක්ව සිටියා.