වතුකරයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම අද(29) දින අභිමානවත් ලෙස සිදු කර තිබෙනවා.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකීර්ති සිංහල විදුහලේ ප්‍රාථමික අංශයේ පළමුවසරට ඇතුළත් වූ ළමුන් පාසල් තූර්යවාදක කණ්ඩායම මගින් පාසල වෙත කැඳවාගෙන පැමිණීමෙන් පසු එම පාසලේ දෙවන වසරේ අධ්‍යාපන ලබන සිසුසිසුවියන් විසින් පිළිගැනීම සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට පාසලේ විදුහල්පති තිස්ස ශ්‍රී ගුණසිංහ මහතා ඇතුළු එම පාසලේ ආචාර්ය මණ්ඩලය සහ අලුතින් පාසලට එක්වූ සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ද එක්ව තිබෙනවා.













