නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය දුම්වැටි 160,000ක තොගයක් සමග රූපලාවන්‍ය සහ ඔරලෝසු තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ යාපනය ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ පසුගිය 03 වනදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ සොයා ගැනුණු බවයි.
ශ්‍රී නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ නාවික නෞකා වසභ ආයතනය විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.
එහිදී එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර 9ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම උරතුල තිබී නීති විරෝධී ලෙස රටතුළට ගෙන ඒමට උත්සාහ කළ විදේශීය දුම්වැටි160,000ක් රූපලාවන්‍ය ක්‍රීම් සහ දියර ඇතුළත් ඇසුරුම් 150ක් සහ අත්ඔරලෝසු 10ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පවසන්නේ නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරැවන් විසින් ඩෙල්ෆ්ට් දකුණු මුහුදු ප්‍රදේශයේ මෙම භාණ්ඩ අතහැර දමා යන්නට ඇති බවට විශ්වාස කරන බවයි.
නාවික හමුදා භාරයට ගත් මෙම විදේශීය දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත් ඔරලෝසු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.











