දේවාලේගම, බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බටුවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් තම බිරිඳට සහ පුතාට පහරදී පුතා ඝාතනය කර ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ බිරිඳ රෝහල් ගත කර තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.
මෘතදේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.