ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා.
මෙම යෝජනාව රටවල් 30ක අනුග්‍රහය මත ඉදිරිපත් වූ අතර එය සම්මත කරගෙන ඇත්තේද ඡන්ද විමසීමකින් තොරවයි.
ශ්‍රී ලංකා රජය ඉතා කෙටි කාලයක් තුළ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ තීරණාත්මක පියවර මාලාවක් ගෙන තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට ද මෙරට තත්ත්වය දැකබලා ගැනීමට අවස්ථාව හිමි වුණා.
මෙරට සියලු සමාජ කොටස් හරහා වෙනස්වීමේ වේගය සහ ගැටලු විසඳීමට රජය තුළ ඇති සැබෑ විවෘතභාවය අත්විදීමට ද එහිදී මහ කොමසාරිස්වරයාට අවස්ථාව ලැබුණා.
ජගත් මානව හිමිකම් කවුන්සිලයට මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාවේ ද දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බවයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා ද මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේ ඉතා කෙටි කාලයක් තුළ සංහිඳියාව හා මානව හිමිකම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහ තීරණාත්මක පියවර මාලාවක් රජය විසින් ගෙන ඇති බවයි
ඒ අනුව මෙම ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සමග එකග නොවන බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවත් විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මේ අතර චීනයද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රසංශා කරමින් අදහස් පළකර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ දී හා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රසංශා කරන බවයි.
ඉතියෝපියාව හා කියුබාව ද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරෝධය පළකර තිබෙනවා.