
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පැවසුවේ එම වැටලීම්වලදී සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55ක්ද ඇතුළත් වන අතර අනෙකුත් වැටලීම් 15ක්ද ඒ අතරට වන බවයි.
මෙම වැරදි අතරට සහල් සඟවා තබා ගැනීම, සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් අලෙවි කිරීම ආදී වැරදි ඇතුළත් වන බවත් එම අධිකාරිය අවධාරණය කළේ














