රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 111 ක් නැගෙනහිරින් කිලෝමීටර් 39.5 ක් ගැඹුරින් පොලොව අභ්‍යන්තරයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් පරිමාන ඒකක 7.4 ක් ලෙසයි එය වාර්තා වන්නේ.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.
කෙසේ වුව ද එම අනතුරු ඇගවීම් දැන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
භූකම්පනය හේතුවෙන් කම්චැට්කා වෙරළ තීරයට අඩි 3කට අධික උසින් යුත් රළ පහරක් පැමිණ තිබෙනවා.