හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලි උත්සවය වෙනුවෙන් අලුත් ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරයේ ජනතාව අද(16) දින හැටන් නගරයට පැමිණෙන අයුරු දක්නට ලැබුණා.
නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබූ අතර හැටන් නගරයේ රථ වාහන සැලැස්මක්ද දියත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.
ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් රාජකාරියේ යොදවා සිටි බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
එසේම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදා ගැනුණු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
හැටන් නගරයේ පදික වෙළඳාමට හැටන් දික්ඔය නගර සභාව මගින් සීමාවන් පනවා ඇති අතර, නගර සභාව මගින් වෙළඳාම් කිරීම සඳහා ලබාදී ඇති ස්ථානවල පමණක් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතුව තිබුණා.
දිපාවලි උත්සව සමයේ ව්‍යාපාර කටයුතු කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රැසක් හැටන් නගරයට පැමිණ සිටිනවා.
දිපාවලි උත්සවය මෙම මස 20 වනදාට යෙදී තිබෙනවා.