දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔන්ලයින් ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වැටලූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදි චීන ජාතිකයින් 5 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදි මාර්ගගත ක්‍රමයට ණය ලබාදීමේදී ණය ලබාගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයේ ඇති පෞද්ගලික තොරතුරු සමාජයේ වෙනත් අයට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 6 බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අදහස් පළ කළා.