පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර නඩුවකට දින නියම කර තිබෙනවා.
ඒ අනුව ජූලි මස 28 වන දා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම නඩුව අද නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මේ වනවිට අභියාචනාදීකරණයට උසස්වීමක් ලබා තිබෙන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරු විසින් පත් කරන තෙක් බලා සිටින බව සඳහන් කළා.