අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවකු ලෙස කටයුතු කල අයෙකු වනසතුන්ගේ මස් තොගයක් සමග ඊයේ වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ,විහාර බුලන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අයෙක් .
කැබැල්ලාවා ඉබ්බා ,මීමින්නා , යන සතුන්ගේ මස් කිලෝ හයකට ආසන්න ප්‍රමාණයක්ද ඉබි බිත්තර 14ක් , ගල් ඉබ්බන් 06 දෙනෙකු හා ඇත් දළයෙන් කළ පළදනාවක්ද මෙම පුද්ගලයාගේ නිවසේ තිබියදි වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා වනජීවි නිලධාරින් හට පවසා ඇත්තේ තමන්ට කිසියම් අයෙකු විසින් හුනීයමක් සිදුකර ඇති බවත්, එය ඉවත් කිරිම සදහා වූ පුජාවකට තමන්ට හිතවත් අයෙකු විසින් මෙම මස් හා කිරි ඉබ්බන් ලබාදුන් බවයි .











