වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාව සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන තෙක් වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී ලබා දී නොමැති බවද සභාපතිවරයා සඳහන් කළා.
මේ අතර ගොවීන් සිය අස්වනුවලින් කොටසක් හෝ වී අලෙවි මණ්ඩලය වෙත ලබා දියයුතු බව අනුරාධපුර මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.