ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසු වුණා. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා පසු කාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා. වර්ෂ 1954 දී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුණු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර එවක් අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතාගේ ලේකම් වශයෙන් පත්ව 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන්ද අද්විතීය සේවයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔහු අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්













