ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සුමාත්‍රා දූපතේ ආපදා කළමනාකරණ කණ්ඩායම් තවදුරටත් මළ සිරුර සෙවීමේ මෙහෙයුමක නිරතව සිටින අතර, තවත් පුද්ගලයන් 500 ක් පමණ අතුරුදන් වී ඇතැයි ද වාර්තා වනවා.
මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමෙන් හටගත් කුණාටු තත්ත්වය හේතුවෙන් මීට දින 5 කට පෙර සුමාත්‍රා දූපතට බලපෑ අධීක වර්ෂාපතනයෙන් දැඩි ගංවතුර තත්ත්වයක් ද හටගත් අතර, එරට ආපදා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 14 කට වැඩි පුද්ගලයන් අවතැන් වී ඇති බවයි.
පවතින තත්ත්වය මත සුමාත්‍රා දූපතට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සුමාත්‍රා දුපතෙහි ප්‍රධාන මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති බවත්, අන්තර්ජාල පහසුකම් බිඳ වැටී ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරනවා.











