වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ජනවාරි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බහරේන්හි පැවැති තරගාවලිය ජයගනිමින් එහි රන් පදක්කම දිනාගැනීමටද ටාවි සමරවීර සමත්වුනා.
එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ අංශයේ රන් පදක්ම ද ඔහු දිනගත්තා.
ඔහු වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ක්‍රීඩක ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්











