විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනයේ කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් මහතා පවසනවා .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන යටතේ වන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අනුව සාර්ව ආර්ථික වර්ධනය සහ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති හඳුන්වාදීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු කණ්ඩායම පසුගිය 25 වැනිදා මෙරටට පැමිණියා.
ඔවුන් ඊයේ දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර, ඉන් අනතුරුවයි මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ.