ගොකරැල්ල – පොල්ගොල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු 29 දෙනෙකු ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම ටොෆි වර්ගය පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් මොවුන් මිලදී ගෙන ඇති අතර ආහාරයට ගැනීමෙන් පසු ඔවුන්ට ක්ලාන්තය, ශරීරයේ කැසීම වැනි රෝග ලක්ෂණ හටගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළා.