විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද සහ හෙට සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්ගේ මහතාගේ ආරාධනයකට අනුව මෙම නිල සංචාරය සැලසුම් කර ඇත්තේ.
මෙම සංචාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතාගේ දෙරට අතර බහුවිධ සබදතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකාච්ඡාවල නිරත වීමට නියමිතයි.
මේ අතර විදේශ අමාත්‍යවරයා ලබන 09 වනදා සිංගප්පූරුවේදී පැවැත්වෙන රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිෆික් සමුලුව සදහා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.