වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාද කර එදින පස්වරුවේ ඡන්දය විමසීමටයි නියමිතව ඇත්තේ.
මේ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ද සාකච්ඡා කර තිබුණා.