වෘත්තීය වෙනුවෙන් කැපවූ සහ දයානුකම්පිත වෘත්තිකයන් ලෙස උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිතපරිපූරක වෛද්‍ය විද්‍යාලවල පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින්.
හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව, විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව , වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව සහ විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් සහායි මෙම ඩිප්ලෝමා ප්‍රධානය කෙරුණේ.
ඒ අනුව උපාධිධාරීන් 163 දෙනෙකුට මෙහිදී උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කිරීම සිදු වුනා.
උණුසුම් පුවත්
- රට පුරා වෛද්‍යවරුන් හෙට දැවැන්ත වර්ජනයක – VIDEO –
- වැලිගම සිදුවීමට අදාළ හතක් ඇතුලට
- මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් නිසා බ්‍රසීලය හොදටම උණුසුම්
- විෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් – VIDEO –
- කොටියක ගංජා තණමල්විලින් අල්ලයි !
- වීසා කටයුතු ගැන දැනුම්දීමක්
- මුදල් වංචා කළ සිව්දෙනෙකු අත්අඩංගුවට
- ට්‍රම්ප් සහ චීන ජනපති හමුව අද













