ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඇමරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවයි කැනේඩියානු මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඇමර්සන් ඇතුළු ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා මෙම බද්ද පැනවීමත් සමග කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරනු ලැබුවා. ඒ අදාළ බද්දෙන් වසරකට ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් අහිමිවන බව සඳහන් කරමින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් එම බද්ද අවලංගු කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි ලබන විසි එක් වැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කරන බවයි කැනඩාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
උණුසුම් පුවත්
- අල ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක්
- වී තොගයක් රජයේ වී ගබඩාවලට ලබාදීමට මෝල් හිමියන් එකඟ වෙයි
- මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නඩු
- හිටපු ආගමන විගමන පාලක ඉලුක්පිටිය වරද පිළිගනී
- තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි
- ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
- ලිට්රෝ ගෑස් මිලට මොකද වෙන්නේ…?
- ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට