ගාසා තීරය තුල පූර්ණ සාගතයක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට මිලියනයකට අදික ජනතාවක් සාගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානය විසින් අණාවරණය කර ඇත්තේ.
මේ අතර ගාසා නගරය වෙත දැවැන්තම ගොඩබිම් ප්‍රහාරය සිදු කිරීම සදහා ඊශ්‍රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විශේෂ නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම නිවේදනය මගින් ඊශ්‍රායල අගමැති පවසා ඇත්තේ ගාසා නගරයේ දකුණු තීරයේ සිටින මිලියනයකට අදික පිරිසක් ඉවත් කිරීම සදහා ජාත්‍යන්තර සංවිධාන සහ සහන කණ්ඩායම් සදහා දැනුම් දී සිටින බවයි.
මෙම ප්‍රහාරය සිදු කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිත දැනුම් දීමක් සිදු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබුණා.
උණුසුම් පුවත්
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි













