සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද(14) සමත්වූවා.
තරගය ඉන්දියාවේ නිව් චන්ද්‍රිගා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 281ක් ලබාගැනීමට සමත් වූවා.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ප්‍රටිකා රාවල් ලකුණු 64ක්ද ස්ම්‍රිටි මන්දනා ලකුණු 58ක්ද ලබාගැනීමට සමත් වූවා.
හර්ලීන් ඩියොල්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 54ක් පමණයි.
රිචා ගෝස් ලකුණු 25කටත් රාධා යාදෙව් ලකුණු 19කටත් ජෙමිමහ් රොද්‍රිගෝස් ලකුනු 11කටත් දවා ගැනීමට සමත් වූවා.
නොදැවී පන්දුවට පහර දුන් දීප්ති ශර්මා ලකුණු 20ක්ද ශ්‍රී චරනි ලකුණු දෙකක්ද ලබාගත්තා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Megan Schutt කඩුලු දෙකක්ද Kim Garth, Annabel Sutherland, Alana King සහ Tahlia McGrath එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ජයග්‍රාහී සීමාව පන්දුවාර 44.1කදී පසුකර යාමට සමත් වූවේ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදීයි.
නායක Alyssa Healy ලකුණු 27ක්ද Phoebe Litchfield ලකුණු 88ක්ද Ellyse Perry ලකුණු 30ක්ද Beth Mooney ලකුණු නොදැවී ලකුණු 77ක්ද Annabel Sutherland නොදැවී ලකුණු 54ක්දා ලබාගැනිමට සමත් වූවා.
මේ අතර Ellyse Perry තරගය අතරතුරදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූවා.
පන්දු යැවීමේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Kranti Goud සහ Sneh Rana එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස Phoebe Litchfield තේරී පත් වූවා.