රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණි නමැත්තිය එළැඹෙන 31 වනද දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද(23) ඉදිරිපත් කිරීමෙන් පසුව නිකුත් කරන ලද නියෝගයකට අනුවයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හතා නියෝග කළේ සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.













