අන්තර්ජාලය ඔස්සේ හෝ ජංගම දුරකථන ඔස්සේ ණය ලබාගැනීම සම්බන්ධවෙ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන ඔස්සේ ආකර්ශනීය ලෙස දැන්වීම් පළකරමින් හා ඇතැම් අවස්ථාවලදී දුරකථන ඇමතුම් පවා ලබාදෙමින් කිසිදු ඇපයකින් තොරව ක්ෂණික ණය මුදල් ලබාගත හැකි බව පෙන්වා දෙමින් ණය ලබාදීම සඳහා ඉදිරිපත් වූ ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්‍ෂණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී පොලිසිය නිකුත් කරන ලද සම්පූර්න නිවේදනයයි.