මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා .
ඒ අනුව 2026 වසර සදහා නව උපාධි පාඨමාලා කණ්ඩායම පෙබරවාරි 23 වන දින ආරම්භ කිරීමට නියමිතයි.
මෙම නව කණ්ඩායම සදහා NSBM හි ව්‍යාපාර,පරිගණක,ඉංජිනේරු සහ විද්‍යාපීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමනු ලබනවා.
ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට ව්‍යාපාර කළමණාකරණ, පරිඝණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂධවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරා ගත හැකියි.
NSBM හරිත සරසවිය මගින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විශ්වවිද්‍යාල වලද උපාධි සදහා ලියාපදිංචි වීමට අවස්ථාව සිසුන්ට හිමි වනු ඇති.
උපාධි පිළිබදව විස්තර දැනගැනීම සදහා NSBM හරිත සරසවියේ හෙට අනිද්දා සහ 25 වනදා NSBM ඕපන් ඩේ වැඩසටහන පැවැත්වෙනවා.
මෙහිදී NSBM කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ උපාධි තෝරා ගනිමින් එදිනම ලියාපදිංචි වීමට අවස්ථාව සැලසෙනවා.
එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් මගින් සංවිධානය කරනු ලබන අංගද මෙම දිනයන් පුරාවටම පැවැත්වීමට නියමිතයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 544 5000 හෝ 071 244 5000 යන දුරකථන අංක ඔස්සේ ඔබට දැන ගැනීමේ හැකියාව පවතිනවා .













