උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලස උඩප්පුව ප්රදේශයේ ගම්වාසින් පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය පැවසුවේ මේ වන විට ඔහු වැඩ තහනමකට ද ලක්කර ඇති බවයි.
ප්රදේශවාසින් පිරිසක් සහ උඩප්පුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අතර ගැටමක් හටගෙන තිබු අතර එහිදී ඇතිවු නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලිසිය කැදවීමට පියවර ගෙන තිබුණා.