නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන් නාවලපිටිය නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා මතුවූවා.
ඊයේ(19) පස්වරු 3 සිට පස්වරු 4 දක්වා පැයක පමණ කාලයක් වර්ෂාව පතිත වී තිබෙනවා.
වැසි ජලය නිසිලෙස කාණු පද්ධතිය තුළින් බැස නොයෑමෙන් නාවලපිටිය නගර මධ්‍යයේ සහ නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ ස්ථාන කිහිපයක් වැසි ජලයෙන් යට වූ බවද වී නිව්ස් වාර්තාකරු කියා සිටියා.














