2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි වූයේ ආයතන 226ක බලයක් පමණයි.
නමුත් 2025 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මේ වනවිට ලැබී ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය දිනා ඇති ආයතන ගණන 234කි.
එමෙන්ම 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට දිනාගත් ආයතන ගණන 47කි.
නමුත් මේ වනවිට ලැබී ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව මෙවර ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට තවමත් දිනාගත හැකිව තිබෙන්නේ ආයතන 13ක් පමණි.