අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා මෙලෙස පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.
යතුරු පැදියකින් මත්ද්‍රවය ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මාර්ග බාධකයේදී යතුරු පැදිය නැවැත්වීමට අණ කිරීමත් සමග එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
එහිදී යතුරු පැදිය ලොරි රථයක ගැටී අනතුරක්ද සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පලා යමින් සිටියදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී එලෙස තුවාල ලබා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.