යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000ක මුදලකට වෙන්දේසි වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලයන් පවසනවා.
මෙම වෙන්දේසිය ඊයේ(05) රාත්‍රීයේ යාපනය වන්නාර්පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිශිවසුබ්‍රමනියම් හින්දු කෝවිලේ පැවැති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජා භාණ්ඩ වෙන්දේසිය ආරම්භ වී තිබෙනවා.
අදාළ වෙන්දේසියේදී පූජාවට තබා තිබූ අඹ ගෙඩියක් වෙන්දේසි කොට ඇති අතර එම අඹ ගෙඩිය යාපනයේ පදිංචි මේවන විට විදෙස්ගතව සිටින බැතිමතෙකු විසින් රුපියල් 460,000ක මුදලකට මිලදී ගැනුණා.
මේ අතර යාපනය නගරයේ කාලිකම්බාල වීරබද්‍ර හින්දු කෝවිලේ පැවැති දේව පූජාවෙන් අනතුරුව පැවැති වෙන්දේසියේදී අඹ ගෙඩියක් යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි බැතිමතෙකු විසින් රුපියල් 370,000ක මුදලකට මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙසින් දේව පූජාවෙන් ලබාගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගොස් තැන්පත් කිරීමේදී සාමය සෞභග්‍ය ළඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතර කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් දී ලබාගැනීම තවත් හේතුවක් බවටද හිමිකරුවන් පවසනවා.