ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් පැදවූ මෝටර් රථයක ගැටී 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමක් සම්බන්ධව ගුවහාටි පොලිසිය විසින් ඊයේ (30) ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
ජුලි 25 වැනිදා දින අලුයම 3.00ට පමණ ගුවහාටිහි දඛින්ගාඕන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
සැකකාරිය මෙම අනතුර සිදු කර පලා යන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණු අතර අනතුරෙන් පසු, සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇත.