වතුකරයේ සමහර වෘත්තීය සමිති නායකයන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එයට විරුද්ධවුවහොත් වතු කම්කරුවන් ඔවුන්ට වතුවලට එන්න නොදී පහර දෙයි කියන බවට බව හැටන් දික්ඔය නගර සබාවේ හිටපු සභාපති වත්මන් නාගරික මන්ත්‍රී (සමගි ජන බලවේගය) අලගමුත්තු නන්දකුමාර් මහතා පවසනවා.
ජාතික කම්කරු සංගමයේ විවිධ නිලතල දරමින් කටයුතු කළ පිරිසක් එම සංගමයෙන් ඉවත්ව වෙනත් සංගමයක් ආරම්භ කිරීම නිමිති කරගෙන 16 වන දින හැටන් ලාඇඩම්ස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදී මෙසේද කියා සිටියා.
රජය මගින් වතු කම්කරුවන්ට රුපියල් 200ක් වැඩි කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා.
මොකද වතුකරයේ ජනතාවට යමක් ලැබෙනවා නම් එයට අපි කැමැතියි මෙවර අයවැයට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් පක්ෂව ඡන්දය ලබාදුන්නේ එයට විරුද්ධව ඡන්දය ලබාදුන්නොත් වතුකර ජනතාව ඔවුන්ට වතුවලට එන්න නොදී පහර දෙයි කියන බයට.
මොකද මේ වන විටත් මේ රජය ලබාදෙන බව පවසන රුපියල් 200 වැටුප් වැඩි කිරීමට එරෙහිවන අයට විරුද්ධව බොහෝ වතුවල වතු කම්කරුවන් පොල් ගැසීම් කරනවා.
එම තත්ත්වයන් මත මේ බොහෝ වෘත්තීය සමිති නායකයන් මෙයට විරුද්ධ වෙන්න බයෙන් ඉන්නේ.
මම දීර්ඝ කාලයක් තිස්සේ ලංකා කම්කරු කොංග්‍රසය සමග දේශපාලනය කර පසුව ජාතික කම්කරු සංගමය සමග දේශපාලනය කළා.
ඒත් අද මම ජාතික කම්කරු සංගමයෙන් ඉවත්ව අද(16) දින සිවනේසන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන නව සංවිධානය සමග එකතු වනවා.
අපි දැකපු දෙයක් තමයි කන්ද උඩරට වතුර ජනතාවගේ අයිතීන් ඔවුන්ට නිසිලෙස ලැබෙන්නේ නැහැ කියන එක.
අද මෙතන ජාතික කම්කරු සංගමයේ වැඩි පිරිසක් එම සංගමයෙන් ඉවත්ව නව සංවිධානය සමග එක්වෙනවා.
අපිට මේ ජනතාවට නිසි සේවය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. එම නිසායි අපි මෙයින් ඉවත් වන්නේ.
අද සමහර වෘත්තීය සමිති නායකයන් ඉන්නේ කොළඹ නැත්නම් ඉන්දියාවේ.
ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී අප සංගමය රජය සමග එකතුවන්නත් පුළුවන් තනිව ඉල්ලන්නත් පුළුවන්.
එසේ නැතිනම් වෙනත් පක්ෂයක් සමග එකතු වී ඡන්දය ඉල්ලන්නත් පුළුවන්.
මෙහිදී කතා කළ එම සංගමයේ නායක සිවනේසන් මහතා මෙලෙස කියා සිටියා.
මම අවුරුදු 20ක් පමණ ජාතික කම්කරු සංගමය සමග එක්ව වැඩ කළා.
එදා මෙහි නායක දිගම්බරන් මහතා වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළත් එය නිසි ලෙස ඉටු කළේ නැහැ.
එදා දිගම්බරන්ට කුඩුකාරයා, උගත් නැති කෙනා, ගිනි පෙට්ටි වගේ ගෙවල් හදපු කෙනා ආදී වශයෙන් චෝදනා කරපු අය එකට එකතු කරගෙන එදා සිටි අය පැත්තක දාලා අලුත් පිරිස ළංකරගෙන වතු කම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්න අමතක කිරීමට පියවර ගත්තා.
එම නිසා අපි තීරණය කළා එතැනින් ඉවත්ව නව සංවිධානයක් ගොඩනගා ගෙන මේ වතුකරයේ දැවෙන ප්‍රශ්න පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න.
මෙහිදී හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. රාම් මහතා ඇතුළු කිහිප දෙනෙකුම අදහස් දක්වන ලදී.











